Glenn Stephenson Kyoshi's International Karate Training Camp concludes successfully in Sri Lanka ග්ලෙන් ස්ටීවන්සන් කියෝෂි ගුරුතුමන් මෙහෙයවූ කරාතේ කඳවුර සාර්ථකව නිමාවට පත්විය
Glenn Stephenson Kyoshi’s International Karate Training Camp Concludes Successfully in Sri Lanka
An important milestone in the continued development of Goju-Ryu Karate in Sri Lanka, the international karate training programme led by Glenn Stephenson Kyoshi concluded successfully, focusing on technical excellence, international standards, and the development of competitive skills.
This marked the fifth visit to Sri Lanka by Glenn Stephenson Kyoshi, a World Champion karate instructor. His visit provided another valuable opportunity to strengthen technical knowledge, improve training standards, and expand international understanding within Sri Lanka’s Goju-Ryu Karate community.
The international training programme was organized by Shihan Damith Bandara, President and Chief Instructor of KAJ Gojuryu Karate Do Sri Lanka. Its primary objective was to introduce international knowledge and experience to Sri Lankan karate practitioners and instructors while systematically developing and promoting technically accurate Goju-Ryu Karate in line with evolving international standards.
Parallel Karate Camp at Nihon Karate Academy
Alongside the main international training programme, a separate karate camp was also conducted at Nihon Karate Academy, another member school of the KAJ Gojuryu International Association. The academy is led by its Chief Instructor, Shihan Udeni Wickramarathne.
The parallel camp provided a valuable opportunity to further develop karate knowledge and technical skills. The participation and commitment of chief instructors representing other karate associations were also noteworthy, demonstrating a shared dedication to the advancement of karate.
Their involvement highlighted the importance of cooperation, mutual understanding, and the exchange of technical knowledge among different karate organizations. Such collaborative efforts contribute to strengthening the wider karate community and creating further opportunities for practitioners and instructors to improve their standards.
Advancing Sri Lanka Towards International Kata Success
Both training programmes placed emphasis on understanding and applying the correct technical principles of Goju-Ryu Karate. Particular attention was given to the skills and technical foundations required for successful performance in international Kata competitions.
These included correct body mechanics, balance, speed, power generation, technical precision, and the overall quality of Kata execution. Developing a deeper understanding of these elements is essential for practitioners aspiring to compete successfully at the highest levels.
Shihan Damith Bandara’s long-term vision is to ensure that Goju-Ryu Karate in Sri Lanka continues to progress in accordance with international standards. His objective is to develop technically proficient karate practitioners and instructors while strengthening Sri Lanka’s potential to achieve greater success in international Kata competitions.
To support this vision, KAJ Gojuryu Karate Do Sri Lanka remains committed to bringing international expertise to the country, raising training standards, strengthening cooperation among member schools, and passing on authentic karate knowledge to future generations.
The successful completion of Glenn Stephenson Kyoshi’s fifth visit to Sri Lanka and the associated training programmes marks another meaningful milestone in the development of Goju-Ryu Karate in the country.
By combining international expertise, dedicated local leadership, and the collective commitment of karate instructors across different organizations, these initiatives seek to build a stronger foundation for Sri Lankan karate practitioners to pursue excellence and achieve success on the international stage.
Glenn Stephenson Kyoshi ගේ ජාත්‍යන්තර කරාතේ පුහුණු කඳවුර සාර්ථකව නිමාවට පත්වේ
ශ්‍රී ලංකාවේ ගොජුරියු කරාතේ කලාවේ ජාත්‍යන්තර ප්රමිතීන්, තාක්ෂණික දැනුම සහ තරගකාරී හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ Glenn Stephenson Kyoshi ගේ ජාත්‍යන්තර කරාතේ පුහුණු කඳවුර ඉතා සාර්ථකව නිමාවට පත්විය.
ලෝක ශූර කරාතේ ගුරුවරයකු වන Glenn Stephenson Kyoshi ශ්‍රී ලංකාවට පැමිණි පස්වන අවස්ථාව මෙය වන අතර, එතුමන්ගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ගොජුරියු කරාතේ ක්ෂේත්රයේ තාක්ෂණික දැනුම, පුහුණු ප්රමිතීන් සහ ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීම සඳහා තවත් වැදගත් පියවරක් විය.
KAJ Gojuryu Karate Do Sri Lanka හි සභාපති සහ ප්‍රධාන උපදේශක ශිහාන් දමිත් බණ්ඩාර විසින් සංවිධානය කරන ලද මෙම ජාත්‍යන්තර පුහුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ජාත්‍යන්තර මට්ටමේ නවතම දැනුම හා අත්දැකීම් ශ්‍රී ලාංකික කරාතේ ක්‍රීඩකයන් සහ උපදේශකවරුන් වෙත සමීප කරවීමත්, ලෝකය පුරා අඛණ්ඩව යාවත්කාලීන වන නිවැරදි ගොජුරියු කරාතේ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව තුළ විධිමත්ව ව්‍යාප්ත කිරීමත් ය.
Nihon Karate Academy හි පැවති සමගාමී කරාතේ කඳවුර
මෙම ජාත්‍යන්තර පුහුණු වැඩසටහනට සමගාමීව, KAJ Gojuryu ජාත්‍යන්තර සංගමයේ තවත් සාමාජික පාසලක් වන Nihon Karate Academy හිදී ද විශේෂ කරාතේ කඳවුරක් පැවැත්විණි. එම ඇකඩමියේ ප්‍රධාන උපදේශකත්වය ශිහාන් උදේනි වික්‍රමරත්න විසින් දරනු ලබයි.
මෙම කඳවුර තුළින් ද කරාතේ දැනුම හා තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම සඳහා සාධනීය අවස්ථාවක් නිර්මාණය වූ අතර, අනෙකුත් කරාතේ සංගම් නියෝජනය කරන ප්‍රධාන උපදේශකවරුන්ගේ සහභාගීත්වය සහ කැපවීම ද කැපී පෙනුණි. එය විවිධ කරාතේ සංවිධාන අතර අන්‍යෝන්‍ය අවබෝධය, දැනුම හුවමාරුව සහ කරාතේ කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මනාව පිළිබිඹු කළේය.
ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම
පුහුණු වැඩසටහන් දෙක තුළදීම විශේෂ අවධානය යොමු වූයේ ගොජුරියු කරාතේ කලාවේ නිවැරදි තාක්ෂණික මූලධර්ම ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීම සහ ඒවා ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය සඳහා යොදා ගැනීම කෙරෙහි ය.
විශේෂයෙන්ම, කාතා (Kata) තරග ඉසව්වලදී ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගැනීමට අවශ්‍ය නිවැරදි ශරීර චලන, සමබරතාව, වේගය, බලය යෙදවීම, තාක්ෂණික නිරවද්‍යතාව සහ කාතා ඉදිරිපත් කිරීමේ ගුණාත්මකභාවය පිළිබඳ දැනුම වර්ධනය කිරීම මෙම පුහුණු වැඩසටහන්වල වැදගත් අංගයක් විය.
ශිහාන් දමිත් බණ්ඩාරගේ දිගුකාලීන දැක්ම වන්නේ ශ්‍රී ලංකාවේ ගොජුරියු කරාතේ කලාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අඛණ්ඩව යාවත්කාලීන කරමින්, නිවැරදි තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ දක්ෂ ක්‍රීඩකයන් සහ උපදේශකවරුන් බිහිකිරීමත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කාතා තරග ක්ෂේත්රයේ ඉහළ ජයග්‍රහණ කරා මෙහෙයවීමත් ය.
මේ සඳහා ජාත්‍යන්තර අත්දැකීම් සහිත ගුරුවරුන්ගේ දැනුම මෙරටට ගෙන ඒම, පුහුණු ප්රමිතීන් ඉහළ නැංවීම, සාමාජික පාසල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ අනාගත පරපුරට නිවැරදි කරාතේ දැනුම උරුම කර දීම KAJ Gojuryu Karate Do Sri Lanka හි අඛණ්ඩ කැපවීමයි.
Glenn Stephenson Kyoshi ගේ පස්වන ශ්‍රී ලංකා සංචාරය හා සමගාමීව පැවැති මෙම පුහුණු වැඩසටහන්, ශ්‍රී ලංකාවේ ගොජුරියු කරාතේ සංවර්ධන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ජාත්‍යන්තර දැනුම, දේශීය නායකත්වය සහ කරාතේ උපදේශකවරුන්ගේ සාමූහික කැපවීම එක් කරමින්, ශ්‍රී ලාංකික කරාතේ ක්‍රීඩකයන්ට ලෝක මට්ටමේ සාර්ථකත්වය කරා ගමන් කිරීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ගොඩනැගීම මෙම වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වේ.